How To Create A Gmail Account | Step-By-Step


හොඳයි අපි බලමු කොහොමද Gmail Account එකක් හදාගන්නේ කියලා.. මුලින්ම මේ Link එකට යන්න.. ඒකට ගියාම ඔය පහළ වගේ Window එකක් Open වෙයි.


  
දැන් ඒකේ තැන් දෙකක පෙන්නනවා CREATE AN ACCOUNT කියලා.. ඒකේ එකක් Click කරන්න. දැන් අපිට මෙන්න මේ වගේ එකක් එනවා..



මේකේ විස්තර ටික හරියට පුරවන්න..
  1. First Name - ඔයාගේ නමේ මුල කොටස දෙන්න.
  2. Last Name - ඔයාගේ නමේ අග  කොටස දෙන්න.
  3. Choose Your Username - මෙතනට ඔයාලා Email ලිපිනය ලෙස භාවිතා කරන්න බලාපොරොත්තු වෙන Name එක යොදන්න. (බොහෝ දුරට ඔයා හිතාගෙන ඉන්න Name එක වෙන කෙනෙක් තෝරගෙන තියෙන්න පුළුවන්. එතකොට ඉතින් අකුරක්, ඉලක්කමක් එහෙ මෙහෙ කරලා දාන්න.)
  4. Create a password - Password එක විදිහට අකුරු 8ක් හෝ 8 කට වැඩි එකක් දෙන්න. (වෙන කෙනෙකුට හොයාගන්න බැරිවෙන, තමන්ට මතක තියාගන්න පුළුවන් එකක් දෙන්න.)
  5. Confirm your password - නැවත එම Password එකම ඇතුලත් කරන්න.
  6. Birthday - ඔයාගේ උපන්දිනය සඳහන් කරන්න.
  7. Gender - Female, Male, Other, Rather not say ඔය හතරෙන් ඔයගොල්ලන්ට ගැළපෙන, කැමති එකක් තෝරන්න.
  8. Mobile phone - ඔයගොල්ලන්ගේ වැඩ කරන Phone Number එකක් දෙන්න.
  9. Your current email address - ඔයගොල්ලො පාවිච්චි කරන වෙන Email එකක් තියෙනවානම් ඒක දෙන්න. එහෙම එකක් නැත්නම් හිස්ව තියන්න.
  10. Location - අපි Log වෙන IP එකෙන්ම Sri Lanka කියලා තේරිලා තියෙන්නේ ඒක ඒ විදිහට තියන්න.
  11. Next step - දැන් අපි Fill කරපුවා හරිද කියලා බලලා Next step click කරන්න.
දැන් Privacy and Terms කියලා පොඩි  Window එකක් Open වෙයි.  කේ පහළටම ගියහම I agree කියලා එකක් පෙන්නනවා. ක Click කරන්න.

දැන් එන Welcome Message එකේ පහළ තියෙන Continue to Gmail කියන එක Click කරන්න. ඔන්න වැඩේ හරි දැන්, තමන්ටම කියලා Email එකකුත් තියෙනවා..


EmoticonEmoticon